Saturday, April 4, 2020

Make money by doing online Typing Jobs

Online Typing Jobs සිදුකර මුදල් උපයන්න කැමති අයට හොදම Sites 5ක් මෙන්න


ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොටත් මුලු ලෝකයම දරුණු කොරෝනා වසංගතය නිසා පීඩා විදිනවා. ලාංකික අපිත් ඇදිරි නිසා ගෙවල් වල. මේ දවස්වල තියෙන තත්වයේ භයානක කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. හැමෝම රටේ නීතියට ගරු කරලා හමුවීම් වලින් ඈත් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කියලා ආදරයෙන් මේ ලිපිය කියවන ඔයාගෙන ආදරයෙන් ඉල්ලා සිටිනවා.
මේ දවස්වල ගොඩක් අය ගෙදර ඉන්න නිසා Online Part time jobs වලට පොඩි වැඩි අවධානයක් ඇති වෙලා තියෙනවා කීවොත් නිවැරදියි. ගොඩක් අය හොයන්නේ ඉතා ඉක්මනින් ලොකු ගානක් හොයන්න පුලුවන් Online jobs. නමුත් ඇත්තම කතාව නම් එහෙම එක පාරම කෙටි කාලයකින් ලොකු ගානක් හොයන්න ඇත්තටම අමාරුයි. නමුත් ඔයා Fiverr වගේ Freelancing Site එකක පලවෙනි දවසේ ඉදලම ඕඩ්ර් එන්න තරම් වාසනාවන්ත වුනොත් නම් ටික කාලෙකින් ලොකු ගානක් හොයාගන්න පුලුවන් හැබැයි. නමුත් දැන් එහෙම වාසනාවන්තයෝ නැති තරම්.

මීට කලින් ලිපියේ අපි ගෙනාපු Picoworkers Micro Job Site එකෙ නම් පොඩ්ඩක් මහන්සි වෙලා පොඩි පොඩි Task Complete කලොත් නම් දවසකට ඩොලර් ගානක් හොයාගන්න ඔයාලට පුලුවන් වෙයි. නමුත් ඒ ලිපිය කියවපු ගොඩක් අය ඒක කරන්න කම්මැලි ගතියක් පෙන්නුම් කරා. ඒ වගේම තවත් අය වෙනත්  ගෙදර ඉදන් කරන්න පුලුවන් Data Entry Jobs ගැන මගෙන් වෙනමම අහලා තිබුනා. ඒ නිසාම මේ ලිපිය ලියන්න ඕනෑ කියලා මම තීරණය කලා.
හැමෝම අතේ smartphone තියෙන නිසා ඕනෑම කෙනෙක්ට අද මම කතා කරන Online Captcha Solving Sites වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුලුවන්. ඒ වගේම මේවගේ කරන්න තියෙන්නෙ එයාලා ඔයාලට දෙන Captcha වල අකුරු හෝ වචන ටික Type කරලා ඒ Captcha එක Solve කරන්න. මේක මට කම්මැලි වැඩක් නිසා මම මේ සයිට් වල වැඩිය වැඩ කරලා නෑ. නමුත් මම මේ සම්බන්ධව තිබුණු විදේශීය බ්ලොග් අඩවි රාශියක් අධ්‍යනය කරලා තමා මේ ලෝකේ හොදම Online Typing Jobs Sites/ Online Captch Solving Sites 5 ඔයාලට ගෙනාවෙ.
මේ සයිට් වලට register වෙන විදිය ගැන වගේම sign in වෙන විදිය ගැන නම් මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. කාටහරි එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ සයිට් වල ඔයාල Type කරන වචන 1000 කට ගෙවන්නේ 0.4$ – 2$ වගේ මුදල් ප්‍රමාණයක්. ඔයාලට දවසකට උපයන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ ඔයාගේ captcha solving speed එක හා ඔයාගේ website experience එක අනුව. සමහර සයිටි ඔයාලට මුලදි පොඩි training එකක් දෙනවා. නමුත් සමහර ඒවානම් පටන් ගත්ත වෙලේ ඉදලම මුදල් උපයන්න පුලුවන්. ඒ නිසා කැමති අය මේවාගෙන් කැමති එකක හෝ ඔක්කෝගේම Join වෙලා වැඩේ කරගෙන යන්න. හැබැයි මේවගෙ ගොඩක් ඒවගෙනම් සල්ලි ගෙවන්නෙ Paypal වලට. ඒ නිසා ඔයාලට ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal එකක් මුලින් හදා ගන්නත් පුලුවන් වෙයි. මේ ගැන Google, Youtube search කරලා බලන්න. ඕනෑ තරම් විඩියෝ හා ලිපි තියෙනවා.
එහෙනම් අපි සයිට් ටික ගැන කතා කරමු,

1) Megatypers
මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්‍රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්‍රම වලින් ගෙන්වා ගන්න පුලුවන්. Minimum Payout එක 5$.


2) Protypers
මේ සයිට් එකත් Megatypers වගේම සයිට් එකක් තමා. මේකෙදි ඔයාලට ඔයාලගෙ යාලුවෝ සම්බන්ධ කරලා එයාලා උපයන මුදලින් 10% referral income එකක් ගන්න පුලුවන්. ඒ නිසා මේකේ වැඩ කරන ඔයාලා පුලුවන් තරම් යාලුවෝ මේකට සම්බන්ධ කරගන්න. Paypal, Webmoney වගේ ක්‍රම වලට තමා සල්ලි ගන්න පුලුවන්නෙ. 1000 captcha solving වලදී ඔයාලට ගෙවන්නේ 0.45$ වගේ ගානක්. Paypal වලට සල්ලි ගන්නවන්ම් 3$ තියෙන්න ඕනෙ Minimum Payout එක.


3) Kolotibablo
මේකත් ලගදී ජනප්‍රිය වුනු Typing Site එකක්. මේකෙදි ඔයාලට 1000 captcha solving වලදී ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. Paypal, Okpay, Bitcoin, Webmoney වගේ ක්‍රම වලට ඉපයීම් ලබාගන්න පුලුවන්. Paypal මුදල් ගන්නවානම් අවම ඩොලර්3ක් වත් තියෙන්න ඕනෙ.


4) Fasttypers
1000 captcha solving වලදී ඩොලර් 1.5 වගේ මුදලක් ඔබට හිමිවෙනවා. මුදල් ලබා ගැනීමේ අවම සීමාව ඩොලර් 5යි. රාත්‍රී 12 සිට පාන්දර 5 අතර කාලයේ ඔබට වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්ථාව හිමිවෙනවා. Paypal, Perfect Money, Webmoney වගේ ක්‍රම වලින් ඔබට උපයන මුදල් ලබා ගන්න පුලුවන්.


5) 2Captcha
මේකත් ලගදී ජනප්‍රිය වුනු හොද වෙබ් අඩවියක්. 1000 captcha solving වලදී ඩොලර් 1 ක්වගේ මුදලක් ඔබට හිමි වෙනවා. Referral මගින් මුදල් ඉපයීමේ අවස්ථාව මෙහිදීත් ඔයාලට හිමිවෙනවා වගේම මුදල් ලබාගන්න පුලුවන්නෙ Bitcoin, webmoney වගේ ක්‍රම වලින් පමණයි. නමුත් මෙහිදී ඔයාලට Paypal වලින් සල්ලි ගන්න බැහැ.

ඉතින් මේ වෙබ් අඩවි 5ට අමතරව තවත් Online Data Entry වෙබ් අඩවි ඕනෙ තරම් තියෙනවා. ඒවා ඔයාලට අන්තරජාලය හරහාම සොයා බලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඉතින් මේ සයිට් වලදී මුදල් උපයන්න නම් ඔයාලගේ Typing Speed එක ගොඩක් වැදගත් වෙනවා. මුල් කාලෙදි නම් ගොඩක් වැරදි වෙයි. හැබැයි කාලය අරන් නිවැරදිව මුලින් Type කරන්න. ඔයා ගොඩක් වරද්දලා කරොත් සමහර විට Ban වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිස්සමින් කරගෙන යන්න. ලංකාවට ඔයාලට ඩොලර් ගෙන්නන්න හැකි වෙනවානම් ඒක තරම් සතුටක් මට නෑ. ඒ නිසා මේ සයිට් ගැන තවත් විස්තර අන්තර්ජාලයෙන්ම හොයලා බලලා වැඩේ කරන් යන්න. ජය වේවා.

No comments:

Post a Comment

Best Unlimited Free VPNs for Android SmartPhone: Full VPN Review| 100% Working | Totally Free | No Hidden Cost

Are you searching for the best Free ultimate  VPNs  for your Android Phone to surf through the internet anonymously, securely that actua...